Friday, April 26, 2024

General line - 0115112241

දඹුල්ල ප‍්‍රාදේශීය සභාවේ උණුසුම් තත්ත්වයක් (PHOTOS)




දඹුල්ල ප‍්‍රාදේශීය සභාවේ නව ගොඩනැගිල්ල විවෘත කිරීමේ උත්සවයේ දී නොසන්සුන්තාවක් ඇති වුණා. ඒ, සභාව අමතා කතා කිරීමට හිටපු සභාපතිවරයෙකුට අවස්ථාව ලබා නොදීමට විරෝධය පළ කරමින්.

එම උත්සවය අද පැවැත්වුණේ අමාත්‍ය ෆයිසර් මුස්තාෆාගේ ප‍්‍රධානත්වයෙන්.

පසුව මධ්‍යම පළාත් ප‍්‍රධාන අමාත්‍ය සරත් ඒකානායක සභාව අමතමින් සිටිය දී දඹුල්ල ප‍්‍රාදේශිය සභාවේ හිටපු සභාපති කේ. සෝමතිලක ඊට බාධා කළා.

පසුව සභාව ඇමතූ අමාත්‍ය ෆයිසර් මුස්තාෆා ද ඇති වූ තත්වය සම්බන්ධයෙන් අදහස් පළ කළා.

“සමහර අවස්ථාවලදී දේශපාලඥයො හැටියට අපි හිතනවා අපේ ස්ථානයේ කතාවක් කරානම් ප්‍රකාශයක් කරානම් ජනතාවගේ හිත දිනාගන්න පුළුවන් කියලා. අවාසනාවට වගේ අපේ ලංකාවේ දේශපාලන සංස්කෘතියේ ඕනෑම උත්සවයකට ගියාම කථිකයන් ඉන්නවා 10ක් 15ක්. දඹුල්ල ප්‍රදේශයේ අද ප්‍රාදේශිය සභා ගොඩනැගිල්ල ජනතාවට භාරදෙන අවස්ථාවකදී මම හිතන්නේ මෙවැනි මතභේද හෝ අදහස් ඉදිරිපත් කිරීම ජනතාවට සුභදායි. ජනතාව ඇවිල්ලා තියෙන්නේ කතාවන් අහන්න නෙමෙයි. මගේ කතාවත් අහන්න නෙමෙයි”.

උත්සවය අවසන් වීමෙන් පසු දඹුල්ල මහ නගර සභාවේ හිටපු නගරාධිපති ජාලිය ඕපාත ඇතුළු පිරිසක් විරෝධතාවක නිරත වුණා. ඒ, ගොඩනැගිල්ලේ සවි කර තිබූ සමරු ඵලකයේ වත්මන් ජනාධිපතිවරයාගේ හෝ හිටපු ජනාධිපතිවරයාගේ නම් නොතිබීමට විරෝධය පළ කරමින්.

සමරු ඵලකයේ නම් පිළිබ`ද කළ විමසීමක දී දඹුල්ල ප‍්‍රාදේශීය සභාවේ ලේකම් ඞී. එම්. එම්. බාලසූරිය කියා සිටියේ සමරු ඵලකය සැකසීම සිදු කළේ පළාත් පාලන අමාත්‍යංශය ම`ගින් බවයි.

dambulla-www-nethnews-lk00001 dambulla-www-nethnews-lk00002 dambulla-www-nethnews-lk00003 dambulla-www-nethnews-lk00004 dambulla-www-nethnews-lk00005 dambulla-www-nethnews-lk00006 dambulla-www-nethnews-lk00007