Saturday, April 27, 2024

General line - 0115112241

සොරකමේ ගිය සිසුන් දෙදෙනෙක් අත්අඩංගුවට




ඇල්ල උඩුනුවර නේපියර් වත්ත ප‍්‍රදේශයේ වෙළඳසැලක් බිඳ භාණ්ඩ සොරාගත් බව කියන පාසල් සිසුන් දෙදෙනෙකු ඇල්ල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ අවුරුදු 16 සහ 14 වයස්වල පසුවන සිසුන් දෙදෙනෙකු මෙලෙස අත්අඩංගුවට ගත් බවයි.

ඔවුන් එම වෙළඳසැලේ තිබූ බීම, බිස්කට් සහ දුම්වැටි පැකට් තොගයක් සොරකම් කර ඇති බවයි විමර්ශනවල දී අනාවරණය වී ඇත්තේ.

මුදලින් රුපියල් 1750 ක් ද සොරා ගෙන තිබෙනවා. අත්අඩංගුවට ගත් සිසුන් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.