Friday, April 26, 2024

General line - 0115112241

HSBC බැංකුව ගැන විමර්ශන අරඹයි




එච්.එස්.බී.සී. (HSBC) බැංකුව හරහා සිදුවූ බව කියන මූල්‍ය අක‍්‍රමිකතාවක් සම්බන්ධයෙන් ශ‍්‍රී ලංකා මහබැංකුව විමර්ශන ආරම්භ කර තිබෙනවා.

විනිමය පාලන නීති උල්ලංඝනය කිරීමෙන් මෙම මූල්‍ය අක‍්‍රමිකතාව සිදුව ඇති බවයි නෙත් නිවුස් වෙත වාර්තා වුණේ.

2013 වසරේ ජනවාරි මාසයේ සිට ඉකුත් වසරේ දෙසැම්බර් මාසය දක්වා එහිදී ඕනෑම දේශීය සමාගමකට අමෙරිකානු ඩොලර් මිලියන 30 ක් හෝ වෙනත් විදේශීය මුදල් ඒකකයකින් ඊට සමාන වටිනාකමක් ශ‍්‍රී ලංකාවෙන් පිටතට රැගෙන යාමට අවස්ථාව ලබා දී තිබුණා.

එච්.එස්.බී.සී. බැංකුව අක්වෙරල ගිණුම් හරහා මෙම අවස්ථාව අවභාවිත කර ඇති බවයි වැඩිදුරටත් වාර්තා වුණේ.

ඔවුන් විසින් විවිධ ගිණුම් සඳහා හඳුන්වා දී තිබෙන ප‍්‍රශ්නගත නව විශේෂාංග සම්බන්ධයෙන් ශ‍්‍රී ලංකා මහබැංකුව ද දැනුවත් කර නොමැති බව නෙත් නිවුස් වෙත වාර්තා වුණා.