Saturday, April 27, 2024

General line - 0115112241

කෞතුක වස්තුවලින් 90% ක් ගබඩාවල




මෙරට ඇතැම් පුරාවිද්‍යාත්මක ස්ථාන, විහාරස්ථාන විසින් අත්පත් කර ගෙන ඇතැයි අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසනවා.

ජාතික පුරාවිද්‍යා සමුළුවට කොළඹදී අද (07) එක්වෙමින් අමාත්‍යවරයා මේ බව කියාසිටියා.

එහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා සඳහන් කළේ කෞතුකාගාර දෙපාර්තමේන්තුවේද පවතින තත්ත්වය පිළිබඳ සෑහීමකට පත්විය නොහැකි බවයි. මෙරට කෞතුක වස්තුවලින් 90% ක් තවමත් ඇත්තේ විවිධ ස්ථානවල ඇති ගබඩා තුළ බවත් සඳහන් කළා. කොළඹ කෞතුකාගාරයේ ප්‍රදර්ශනය කර ඇත්තේ 10% පමණ කෞතුක වස්තු ප්‍රමාණයක් බවත් පැවසුවා.

මෙරට කෞතුක වස්තු ආරක්‍ෂා කර ගැනීම සදහා ජාත්‍යන්තර ප‍්‍රමිතීන් අනුගමනය කිරීම වඩාත් වැදගත් වන බවද අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් කියාසිටියේ.