Saturday, April 27, 2024

General line - 0115112241

අහුන්ගල්ලේ රහස් සාකච්ඡාව පක්ෂය ගැනයි




ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂයේ ඉදිරි කටයුතු සම්බන්ධයෙන් වූ විශේෂ සාකච්ඡාවක් හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියගේ ප‍්‍රධානත්වයෙන් ඊයේ (06) පැවැත්වුණා.

ඒ, අහුන්ගල්ල ප‍්‍රදේශයේදීයි. සාකච්ඡාව මාධ්‍යයට විවෘත නොවු අතර ඊට සහභාගි වූ බස්නාහිර පළාත් ප‍්‍රධාන අමාත්‍ය ඉසුර දේවපි‍්‍රය මහතා පසුව අදහස් දැක්වුවා.

එහිදී හෙතෙම පැවසුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉදිරි සංවිධාන කටයුතු පිළිබඳව සාකච්ඡා වූ බවයි. මෙය පළමු සාකච්ඡාව නොවන බවත් මීට පෙර අවස්ථා දෙකකදී මෙම මාතෘකාව පිළිබඳව සාකච්ඡා සිදුවූ බවත් පැවසුවා.

හිටපු පාර්ලිමේන්තු මන්තී‍්‍ර අතාවුද සෙනෙවිරත්න මහතා සාකච්ඡාවෙන් පසු මාධ්‍යට අදහස් දැක්වමින් සඳහන් කළේ පක්ෂයේ ඉදිරි ප්‍රතිපත්ති සම්බන්ධයෙන් සාකච්ඡාවට බඳුන් වූ බවයි.