Saturday, April 27, 2024

General line - 0115112241

තැඹිලිගස්මුල්ල ශ්‍රී ධීරානන්ද විද්‍යායතන පිරිවෙන් විහාරස්ථානයේ වාර්ෂික පෙරහැර අද




තැඹිලිගස්මුල්ල ශ්‍රී ධීරානන්ද විද්‍යායතන පිරිවෙන් විහාරස්ථානයේ වාර්ෂික පෙරහැර අද රාත්‍රියේ විථී සංචාරය කෙරෙනවා.

මෙම පෙරහැර මාකොළ මාර්ගයේ තැඹිලිගස්මුල්ල හන්දියේ සිට වයි හන්දිය දක්වා ගමන් කර ආපසු හැරී කිරිබත්ගොඩ විදුලි සංඥා හන්දිය දක්වා පැමිණ කොළඹ මහනුවර ප්‍රධාන මාර්ගය ඔස්සේ කිරිබත්ගොඩ බුදුපිළිම හන්දිය දක්වා ගමන් කර දකුණට හැරී ජිනදාස නන්දසේන මාවත ඔස්සේ නැවත මාකොළ මාර්ගයට පිවිස තැඹිලිගස්මුල්ල හන්දියෙන් අවසන් වීමට නියමිතයි.

මේ නිසා අදාළ මාර්ගවල සහ එ්වාට සම්බන්ධ අතුරු මාර්ගවල වාහන ධාවනය අද රාත්‍රියේ සීමා කෙරෙනු ඇති.

විකල්ප මාර්ග භාවිත කරන ලෙස රියදුරන්ගෙන් ඉල්ලීමක් කෙරෙනවා.