Friday, April 26, 2024

General line - 0115112241

ජාතික ගීය දෙමළෙන් ගයනවාට එරෙහි පෙත්සමට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉඩ




66 වන ජාතික නිදහස් දින උත්සවයේදී ජාතික ගීය දෙමළ භාෂාවෙන් ගායනා කිරීමට එරෙහිව ගොනුකර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සමක් ලබන නොවැම්බර් මස 18 වැනිදා සලකා බැලීමට ජාතික ගීය දෙමළෙන් ගයනවාට එරෙහි පෙත්සමට ශ්‍රේෂ්ඨාධිකරණය  අද දින නියම කළා.

මෙම පෙත්සමෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළිබඳ අර්ථකතනයක්ද අපේ්ක්ෂා කරන බැවින් පූර්ණ විනිසුරු මණ්ඩලයක් හෝ ත්‍රිපුද්ගල විනිසුරු මණ්ඩලයක් හමුවේ එය සලකා බැලීමටයි ශ්‍රේෂ්ඨාධිකරණය වැඩිදුරටත් තීරණය කළේ.

කැලණිය ප්‍රදේශයේ පදිංචිකරුවන් තුන්දෙනෙකු විසින් පෙත්සම ගොනුකර තිඛෙනවා.

වගඋත්තරකරුවා ලෙස නම් කර සිටින්නේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ නීතිපතිවරයායි.