Saturday, April 27, 2024

General line - 0115112241

ලසන්ත ඝාතනය කළ බව හිටපු බුද්ධි අංශ නිලධාරියෙක් පිළිගනී – ලිපියක් ලියා එල්ලී මැරෙයි




මාධ්‍යවේදී ලසන්ත වික‍්‍රමතුංග ඝාතනය කළේ තමන් යැයි ලිපියක් ලියා හමුදා බුද්ධි අංශ සැරයන්වරයෙකු ගෙල වැළලාගෙන සියදිවි හානි කරගෙන තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ කෑගල්ල කරඬුපන දෙහිපිටිය පාරේ පදිංචි 52 හැවිරිදි ඉන්දරගේ ජයමාන්න නමැති විශ‍්‍රාමික හමුදා බුද්ධි අංශ සාමාජිකයෙක්.

‘‘දැනගත යුත්තන්ගේ දැනගැනීම සඳහා’’ යනුවෙන් සඳහන් කර ලියූ කෙටි ලිපියක් දිවි හානි කරගත් පුද්ගලයාගේ කලිසම් සාක්කුවක තිබී සොයාගෙන ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරු සඳහන් කළේ.

ලසන්ත වික‍්‍රමතුංග ඝාතනය කළේ තමන් බවත්, සිය මිත‍්‍රයා වන මලින්ද උදලාගම වැරදිකරුවෙකු නොවන බවත්, ඔහු නිදහස් කරන ලෙසත් එම ලිපියේ සඳහන් කර තිබෙනවා.

web-www-nethnews-lk00001 web-www-nethnews-lk00002