Saturday, April 27, 2024

General line - 0115112241

වතුර ඉල්ලූ වැලිවේරියේ ජනතාවට වෙඩිතැබීම අපරාදයක් – උසාවිය කියයි




පිරිසිදු ජලය ඉල්ලා ඉකුත් 2013 වසරේ අගෝස්තු පළමුවැනිදා වැලිවේරියේදී කෙරුණු උද්ඝෝෂණයකදී පුද්ගලයින් තුන්දෙනෙකු මියයාම අපරාධයක් බවට ගම්පහ මහේස්ත‍්‍රාත් අධිකරණය අද (14) තීන්දු කළා.

ඔවුන්ගෙන් පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් ඇත්තේ වෙඩි වැදීමෙන්. අනෙක් පුද්ගලයා මොට ආයුධයකින් හිසට එල්ල වූ ප‍්‍රහාරයකින් මියගොස් තිබෙනවා.

මෙම සිද්ධියට අදාළව යුද හමුදාව සතු ගිනි අවි 98ක් පරීක්ෂණ සඳහා රජයේ රස පරීක්ෂකවරයාට යොමුකර ඇති බවයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කියා සිටියේ.

තවත් ගිනි අවි 42ක් රස පරීක්ෂකවරයා වෙත යොමු කිරීමට නියමිත බවද මෙහිදී ප‍්‍රකාශ කෙරුණා.

ඒ පිළිබඳ වැඩිදුර වාර්තා ලබන ජනවාරි 20 වැනිදා ඉදිරිපත් කරන ලෙසටයි ගම්පහ මහේස්ත‍්‍රාත් අධිකරණය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළේ.