Friday, April 26, 2024

General line - 0115112241

400දි 4000යි – 300න් ලෝක වාර්තාවයි – අසාර් අලී දිවා රාත්‍රී ටෙස්ට් පොතේ පළමුවැන්නා වෙයි!




පාකිස්තානය සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර ඩුබායි හිදී පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ 3වන දිනය අදයි.

ඊයේ තරගය නතර කරන විට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම එක් කඩුල්ලක් දැවී ලකුණු 69ක් රැස්කර සිටියා.

ඒ පාකිස්තානය පළමු ඉනිම වෙනුවෙන් කඩුලූ 3ක් දැවී රැස්කළ ලකුණු 579ට පිළිතුරු ලෙසයි.

පාකිස්තාන කණ්ඩායම වෙනුවෙන් විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කළ අසාර් අලී නොදැවී රැස්කළ ලකුණු සංඛ්‍යාව 302ක්
ඒ හතරේ පහර 23ක් සහ හයේ පහර 2ක් ද සමගයි.

ත්‍රිත්ව ශතකයක් ලබාගත් හතරවන හතරවන පකිස්ථානු ක්‍රීඩකයා ලෙසද, දිවාරාත්‍රී ටෙස්ට් තරඟයකදී ත්‍රිත්ව ශතකයක් ලබාගත් ලොව පළමු ක්‍රීඩකයා ලෙසද අසාර් අලී වාර්තා පොත් අතරට එක්වුණා.

තවද තම ටෙස්ට් දිවියේ ටෙස්ට් ලකුණු 4000 සීමාව පසු කිරිමටද ඔහු මෙහිදී සමත් වුණා.

පාකිස්තානය ක්‍රීඩා කරන 400 වන ටෙස්ට් තරගය වන මෙය දිවා රාත්‍රී තරගයක් ලෙස පැවැත්වෙනවා.

එමෙන්ම ලෝක ටෙස්ට් ඉතිහාසයේ දෙවන දිවා රාත්‍රී තරගය වන්නේ ද මෙම තරගයයි.

_91932148_azhar-main

A general view shows the empty stadium on the opening day of the first day-night Test between Pakistan and the West Indies at the Dubai International Cricket Stadium in the Gulf Emirate on October 13, 2016. Pakistan captain Misbah-ul-Hq won the toss and opted to bat in the first Test -- a day-night affair with a pink ball -- against the West Indies in Dubai. / AFP / AAMIR QURESHI        (Photo credit should read AAMIR QURESHI/AFP/Getty Images)
A general view shows the empty stadium on the opening day of the first day-night Test between Pakistan and the West Indies at the Dubai International Cricket Stadium in the Gulf Emirate on October 13, 2016.
Pakistan captain Misbah-ul-Hq won the toss and opted to bat in the first Test — a day-night affair with a pink ball — against the West Indies in Dubai. / AFP / AAMIR QURESHI (Photo credit should read AAMIR QURESHI/AFP/Getty Images)

253484-3

14720521_1363355317028519_5743831968488801481_n