Friday, April 26, 2024

General line - 0115112241

ගත වූ පැය 24 තුළ වැඩිම වැස්ස කොළඹට




ගත වූ පැය 24 තුළ වැඩිම වර්ෂාපතනය කොළඹ දිස්ති‍්‍රක්කයෙන් වාර්තා වී තිබෙනවා. එහි අගය මිලිමීටර් 136.3 ක් බවයි වාර්තා වී අැත්තේ.

කළුතර දිස්ති‍්‍රක්කයෙන් මිලිමීටර් 112.2 ක වර්ෂාපතනයක් වාර්තා වුණා.

පසුගිය කාලසීමාවේ දැඩි වියළි කාළගුණ තත්ත්වයකට මුහුණ පා සිටි  අනුරාධපුර සහ පොළොන්නරුව දිස්ති‍්‍රක්කවලින් මිලිමීටර් එකකටත් අඩු වර්ෂාපතනයක් වාර්තා වූ බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පැවසුවේ.

මේ අතර දැනට පවතින වර්ෂා තත්ත්වය උතුරු මැද පළාතේ වගාවන්ට ප‍්‍රමාණවත් නොවන බවයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසන්නේ.

එහි අධ්‍යක්ෂ සමන් වීරසිංහ ප‍්‍රකාශ කළේ වගාවන්ට අවශ්‍ය තරම් ජලය නිකුත් කිරීමට ප‍්‍රදේශයේ වැව්වල ජල මට්ටම මේ වන තෙක් ප‍්‍රමාණවත් නොවන බවයි.