Friday, April 26, 2024

General line - 0115112241

ලංකාවටම විදුලි කැපෙන හැටි යළි වෙනස්වේ – වේලාවන් මෙන්න(UPDATE)




 

විදුලි කප්පාදු කාලසීමාව සංශෝධනය කිරීමට විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශය තීරණය කර තිඛෙනවා.

ඒ අනුව යෝජනා කළ දිවා කාලයේ පැය 2 හමාරක කප්පාදුව පැයක් දක්වාත්, රාත්‍රී කාලයේ පැයක විදුලි කප්පාදුව පැය භාගයක් දක්වාත් අඩු කිරීමට තීරණය කර තිබේ.

පාරිභෝගිකයන්ට සිදුවන අපසුතාව අවම කිරීමේ අරමුණින් මෙම තීරණය ගත් බවත්,මහවැලි ජලාශවලින් ජලය ලබාගෙන විදුලි උත්පාදනය වැඩි කිරීමට ගනු ලැබූ තීරණයත් සමග කප්පාදුව මෙසේ අවම කළ බවත් අමාත්‍ය රංජිත් සියඹලාපිටිය ප්‍රකාශ කළා.

ඒ අනූව අද සිට ක්‍රියාත්මක වීමට නියමිතව තිබූ දිනකට සම්පූර්ණයෙන් පැයක තුනහමාරක විදුලි කප්පාදුව පැය එකහමාර දක්වා අඩුවනු ඇත.

————————————————————————————————

ඔබේ ප්‍රදේශයට විදුලිය කැපෙන හැටි බලාගන්න – අද සිට විදුලිය කපා හරින වේලාවන් මෙන්න

Oct 17, 2016 @ 09:16

කොළඹ නාගරික සීමාව හැර දිවයිනේ සෙසු ප‍්‍රදේශවලට විදුලිය කපා හරින වේලාවන් විදුලිබල අමාත්‍යංශය ප‍්‍රකාශයට පත්කර තිබෙනවා.

ඒ අනුව පෙරවරු 8 සිට සවස හය දක්වා කාලය තුළ පැය දෙක හමාරක කාලයක් විදුලිය කපා හරිනු ඇති.

රාත‍්‍රී අටේ සිට රාත‍්‍රී දහය දක්වා අතර ද පැයක කාලයක් විදුලිය කපා හැරීමට නියමිතයි.

කලාප හතරකට බෙදා විදුලිය අත්හිටුවීම සිදු කරන බවයි අමාත්‍යංශය පැවසුවේ.

කෙසේ වෙතත් දිවයිනේ ප‍්‍රධාන රෝහල් හා කර්මාන්ත කලාප ආශ‍්‍රිතව විදුලිය කපා හැරීමක් සිදු නොකරන බවයි ප‍්‍රකාශ කෙරුණේ.

145385-4

145385-2

PowerCut2016_Area_List_Final.xls

PowerCut2016_Area_List_Final.xls PowerCut2016_Area_List_Final.xls PowerCut2016_Area_List_Final.xls PowerCut2016_Area_List_Final.xls PowerCut2016_Area_List_Final.xls PowerCut2016_Area_List_Final.xls PowerCut2016_Area_List_Final.xls PowerCut2016_Area_List_Final.xls PowerCut2016_Area_List_Final.xls PowerCut2016_Area_List_Final.xls PowerCut2016_Area_List_Final.xls PowerCut2016_Area_List_Final.xls