Saturday, April 27, 2024

General line - 0115112241

අවසාන ඕවරයේදී කිවියෝ ඉන්දියාවම හඬවති (VIDEO)




සංචාරක නවසීලන්ත කණ්ඩායම හා ඉන්දියා කණ්ඩාම අතර දෙවන එක්දින තරඟයෙන් ලකුණු 6ක තියුණු ජයක් ලැබීමට නවසීලන්ත කණ්ඩායම සමත්වුණා.

තරඟයේ පළමුව පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 9ක් දැවී ලකුණු 242ක් ලබාගත් ගත්තා.

විශිෂ්ඨ ඉනිමක් ක්‍රීඩාකළ නායක කේන් විලියම්සන් ශතකයක් රැස් කළ අතර ඔහු ලබාගත් ලකුණු සංඛ්‍යාව 118ක්.

මෙය නවසීලන්ත නායකයෙකු ඉන්දියාවට එරෙහිව වාර්තා කළ තෙවන එක්දින ශතකය ලෙස වාර්තා පොත් අතරට එක්වුණා.

අනතුරුව ලකුණු 243ක ඉලක්කයක් හඹායාමට පිටියට පිවිසි ඉන්දීය කණ්ඩායමට පන්දුවාර 49යි පන්දු 3කදී සියලු දෙනා දැවී රැස්කර ගත හැකි වූයේ ලකුණු 236ක් පමණයි.

තරඟය ජය ගැනීම සඳහා අවසාන පන්දුවාරයේදී ඉන්දීය කණ්ඩායම ලබාගත වූයේ ලකුණු 10ක් පමණක් වුවත් තුන්වන පන්දුවේදී අවසන් කඩුල්ල ලෙස ජස්ප්‍රිට් බුම්රාහ් දැවී යාමත් සමග ඉන්දීය කණ්ඩායමේ බලාපොරත්තු සුන්වී ගියා.එම කඩුල්ල දවාගත්තේ නවසීලන්ත වේගපන්දු යවන ක්‍රීඩක ටිම් සවුති විසිනුයි.

ඒ අනුව තරඟ 5කින් සමන්විත එක්දින තරඟාවලියේ තරඟ 1 බැගින් ජයගෙන දෙපිලම සම තත්වයේ පසුවනවා.