Friday, April 26, 2024

General line - 0115112241

නායකත්වය මිලින්ද සිරිවර්ධනට




සංචාරක බටහිර ඉන්දීය කොදෙව් A කණ්ඩායම සමග පැවැත්වෙන තරග 3 කින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියට එක්වන ශ්‍රී ලංකා A සංචිතය අද නම් කළා.

එහි නායකත්වය හිමිව ඇත්තේ තුන් ඉරියව් ක්‍රීඩක මිලින්ද සිරිවර්ධනටයි.

ක්‍රීඩකයින් 15 දෙනෙකුගෙන් යුත් මෙම සංචිතයට යොවුන් ක්‍රීඩකයින් වන චරිත් අසලංක සහ ෂම්මු අෂාන්ද ඇතුළත්.

දසුන් ශානක, කසුන් රාජිත, ෂෙහාන් ජයසූරිය සහ අමිල අපොන්සුද සංචිතයට ඇතුළත්ව සිටිනවා.

45677777