Friday, April 26, 2024

General line - 0115112241

මැතිව්ස් සති දෙකක් පිටියෙන් ඉවතට – නායකත්වය රංගනට




නිත්‍ය නායක ඇන්ජලෝ මැතිව්ස්ට සිම්බාබ්වේ කණ්ඩායම සමග පැවැත්වෙන ටෙස්ට් කි‍්‍රකට් තරගාවලියට එක් වීමේ අවස්ථාව අහිමි වී තිබෙනවා.

ඒ ඔහුගේ පාදයේ ආබාධය තවමත් පූර්ණ වශයෙන් සුව නොවීම හේතුවෙන්. මැතිව්ස් අද දිනයේත් පරීක්ෂණයක් සඳහා එක් වූ අතර එහිදී ඔහුට වෛද්‍යවරුන් උපදෙස් දී ඇත්තේ තවත් සති දෙකක කාලයක් විවේක ගන්නා ලෙසයි.

ඒ අනුව සිම්බාබ්වේ කණ්ඩායම සමග පැවැත්වෙන ටෙස්ට් තරගාවලියේදී රංගෙන හේරත් ශී‍්‍ර ලංකා කණ්ඩායමට නායකත්වය ලබාදෙන බවයි ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනයේ සභාපති තිලංග සුමතිපාල නෙත් නිවුස් වෙත පැවසුවේ.

ඒ අනුව රංගන හේරත් ශ්‍රී ලංකාවේ 14වන ටෙස්ට් නායකයා ලෙස වාර්තා පොත් අතරට එක්වුණා.

මෙම තරගාවලියට මෙවර එක් වන්නේ යොවුන් කී‍්‍රඩකයින් පිරිසක්. එම නිසා කණ්ඩායමේ මානසික ඒකාග‍්‍රතාවය රඳවා ගැනීමේ අරමුණින් ඇන්ජලෝ මැතිව්ස් කණ්ඩායම සමග සිටින බවයි තිලංග සමුතිපාල මහතා වැඩිදුරටත් පැවසුවේ.

මෙම ටෙස්ට් තරගාවලියට දිනේෂ් චන්දිමාල්ද ආබාධයක් හේතුවෙන් සහභාගි වන්නේ නැහැ.

සිම්බාබ්වේ කණ්ඩායම සමග ටෙස්ට් තරග දෙකකට සහභාගි වීම සඳහා ශී‍්‍ර ලංකා කණ්ඩායම ලබන 25 වැනිදා දිවයිනෙන් පිටත්ව යාමට නියමිතයි.

Sri Lankan bowler Rangana Herath (R) and Sri Lanka captain Angelo Mathews leave the pitch at the end of Pakistan's first innings during the opening day of the second Test match between Pakistan and Sri Lanka at the Dubai International Cricket Stadium in Dubai on January 8, 2014. AFP PHOTO/Ishara S. KODIKARA (Photo credit should read Ishara S.KODIKARA/AFP/Getty Images)

14804859_10211057912750059_773749625_n