Friday, April 26, 2024

General line - 0115112241

ආයතන 19ක් ගැන පාර්ලිමේන්තුවේ විවාදයක්




කෝප් කමිටුව ඉදිරිපත් කළ ආයතන 19කට අදාළ පාර්ලිමේන්තු විවාදය අද (25) පැවැත්වෙනවා.

එහිදී කෝප් කමිටුව විසින් පරීක්ෂා කරනු ලැබූ ආයතන 19ක තොරතුරු ඇතුළත්ව ඉකුත්දා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අතුරු වාර්තාව සැලකිල්ලට ගන්නා බවයි කෝප් කමිටු සභාපති පාර්ලිමේන්තු මන්ති‍්‍ර සුනිල් හඳුන්නෙත්ති ප‍්‍රකාශ කළේ.

මහ බැංකු බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් අර්ජුන් ඇලෝසියස්ට හා පර්පෙචුවෙල් ටෙ‍්‍රසරීස් සමාගමේ අධ්‍යක්ෂවරුන්ට එරෙහිව අපරාධ නීතිය මගින් නඩු පැවරීමට කෝප් කමිටුව ඊයේ (24) නිර්දේශ කළා. ඊට අදාළ වාර්තාවද ඉදිරියේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.

මේ අතර වැට් බදු සංශෝධන පනත් කෙටුම්පතට අදාළ ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් තීන්දුව කථානායකවරයා විසින් පාර්ලිමේන්තුවට අද ඉදිරිපත් කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.