Saturday, April 27, 2024

General line - 0115112241

ශ්‍රී පාද අඩවියේ ඉදිකිරීම් නිසා දැවැන්ත පාරිසරික අර්බුදයක්!




ශ්‍රී පාද රක්ෂිතය සහ ඒ අවට ප්‍රදේශවල කිසියම් ඉදිකිරීමක් සිදුකළහොත් අදාළ ප්‍රදේශයේ බරපතළ පාංශුඛාදන තත්ත්වයක් සිදුවිය හැකි බව පරිසරවේදීන් පවසනවා.

පරිසරවේදී නීතිඥ ජගත් ගුණවර්ධන පෙන්වා දෙන්නේ මෙම ප්‍රදේශය පාංශු සංරක්ෂණ කලාපයක් ලෙස නම් කර ඇති බවයි.

ශ්‍රී පාද රක්ෂිතයට මායිම්ව පිහිටි භූමි ප්‍රදේශයක සංචාරක හෝටලයක් සඳහා කිසියම් ගොඩනැගිල්ලක් ඉදිකිරීමේ සූදානමක් සම්බන්ධයෙන් නෙත් නිවුස් පළමු වරට කරුණු අනාවරණ කළා.

මෙම ප්‍රදේශය ලංකාවේ ඇති ඉතාමත් වැදගත් ජෛව විද්‍යාත්මක වටිනාකමක් ඇති ප්‍රදේශයක් බවත්, සමනල අඩවියේ ස්භාවික රක්ෂිතයට හා සමනල අඩවි අභයභූමියට ආසන්න ප්‍රදේශයක් වන බවත් කැළණි ගඟේ ඉහළ ජල පෝෂක පෙදෙසේ කොටසක් බව හඳුනාගෙන තිබෙන බවත් ඔහු සඳහන් කළා.