Friday, April 26, 2024

General line - 0115112241

බුද්ධි අංශ නිලධාරීන්ගෙන් ප්‍රශ්න කිරීම ගැන ජනපති අවධානය




මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතනය පිළිබඳව බුද්ධි අංශ නිලධාරීන් 280 දෙනෙකුගෙන් ප්‍රශ්න කිරීමට ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ අවධානය යොමුව තිඛෙනවා.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මීට පෙර තීරණය කර තිබුණේ දිනකට බුද්ධි අංශ නිලධාරීන් 20 දෙනා බැගින් කැඳවා ඒ පිළිබඳ ප්‍රශ්න කිරීමටයි.

මේ පිළිබඳ වාර්තාවීමෙන් පසු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පොලිස්පතිවරයාගෙන් කරුණු විමසා තිඛෙනවා.

ජනාධිපතිවරයා උපදෙස් ලබා දී ඇත්තේ අදාළ නිලධාරීන්ගේ රාජකාරීවලට බාධා නොවන අයුරින් සහ ඔවුන්ට පීඩනයක් ඇති නොවන අයුරින් එම ප්‍රශ්න කිරීම් සිදුකරන ලෙසටයි.

දිනකට බුද්ධි අංශ නිලධාරීන් පස් දෙනෙකු බැගින් පමණක් කැඳවා අදාළ ප්‍රකාශ ලබා ගැනීමට තීරණය වී ඇත්තේ ඒ අනුවයි.