Friday, April 26, 2024

General line - 0115112241

දීපවාලි උත්සවය අදයි




ලොව පුරා හින්දු බැතිමතුන්ගේ උතුම් ආගමික මංගල්‍යය වන දීපවාලි උත්සවය අදට යෙදී තිඛෙනවා.

පහන් ආලෝකය යන තේරුම ඇති දීපවාලි උත්සවයේදී විෂ්ණු දෙවියන් වෙනුවෙන් පහන් දල්වමින් හින්දු බැතිමතුන් තම දිවියට ආලෝකය ප්‍රාර්ථනා කිරීම සිදුවනවා.

දීපවාලි දිනය මිනිසුන්ගේ අඥාණය දුරු වී ප්‍රඥාව පහළ වූ දිනයක් ලෙසයි හින්දු බැතිමතුන් සලකන්නේ.

සියල්ලන්ගේ සිත් සතන් තුළ සහජීවනයත්, සංහිඳියාවත් දල්වනු පිණිස අප දැඩිව අධිෂ්ඨාන කරගනිමු යැයි දීපවාලි දිනය වෙනුවෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා නිකුත් කළ සුබපැතුම් පණිවුඩයේ දැක්වෙනවා.

සියලූ බේද දුරලා මනුෂ්‍යත්වයට මුල්තැන දෙමින් සාමයෙන් සමගියෙන් ජීවත් වීමට ප්‍රඥාවේ පහන් දැල්වේවා යැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා නිකුත් කළ දීපවාලි සුබපැතුම් පණිවුඩයේ සඳහන් වනවා.

ඒ සඳහා දීපවාලි උත්සවය ආදර්ශවත් මාවතක් සහ අධිෂ්ඨානයේ අත්වැලක් කරගත හැකි බවයි අග්‍රාමාත්‍යවරයා නිකුත් කළ සුබපැතුම් පණිවුඩයේ වැඩිදුරටත් දැක්වෙන්නේ.

විපක්ෂ නායක ආර්. සම්බන්ධන් නිකුත් කළ දීපවාලි සුබපැතුම් පණිවුඩයේ දැක්වෙන්නේ තම ජීවිතය තුළ ඇති අඳුරු පැතිකඩවලින් බැහැරවුණු සමෘද්ධිමත් හා සාමකාමී දීපවාලී දිනයක් සැමට උදාවේවා යන්නයි.

මේ අතර ජාතික දීපවාලි උත්සවය ඊයේ පස්වරුවේ ජනාධිපතිවරයාගේ සහ අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදී පැවැත්වුණා.

විපක්ෂ නායක ආර්. සම්බන්ධන්, අමාත්‍ය ඩී.එම්. ස්වාමිනාදන්, රාජ්‍ය ඇමතිනී විජයකලා මහේෂ්වරන් ඇතුළු විශාල පිරිසක් ඒ සඳහා එක්ව සිටි බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.