Saturday, April 27, 2024

General line - 0115112241

සිය නිවසේදී මියගිය තරුණයාට අවසන් ගෞරව දැක්වීමට විමල් යයි (PHOTOS)




හෝකන්දර පිහිටි විමල් වීරවංශ මහතාගේ නිවසේදී හදිසියේ මියගිය ලහිරු ජනිත් නමැති තරුණයාගේ දේහය මේ වන විට නිවසට ගෙනැවිත් තිබෙනවා.

මියගිය තරුණයාගේ දේහයට අවසන් ගෞරවය දැක්වීම සඳහා විමල් වීරවංශ , ශෂී වීරවංශ සහ රොජර් සෙනෙවිරත්න එහි ගොස් තිබෙනවා.

මෙම මරණය සිදු වූ දිනයේ සිය පුත‍්‍රයා, මියගිය තරුණයා සහ තවත් මිතුරන් කිහිප දෙනෙකු සිනමාපටයක් නැරඹීමෙන් අනතුරුව නින්දට ගොස් ඇති බවත් ලහිරු ජනිත් නමැති තරුණයා අවසනාවන්ත ලෙස මියගොස් ඇති බවත් මන්ත‍්‍රීවරයා සිය ෆේස්බුක් සටහනක් මගින් සඳහන් කළා.

අදාළ සිද්ධිය පාදක කර ගනිමින් සමාජ ජාල වෙබ් අඩවි හරහා ද්වේෂ සහගත ප‍්‍රකාශයන් සිදු කරමින් පවතින බවද පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ ඉකුත්දා පැවසුවා.

wimal-1 wimal-2 wimal-3 wimal-4 wimal-5 wimal-6