Friday, April 26, 2024

General line - 0115112241

යාපනය විශ්ව විද්‍යාල සිසුන් නැවතත් විරෝධතාවයක (PHOTOS)




යාපනය විශ්ව විද්‍යාලයේ සිසුන් දෙදෙනාගේ මරණය සම්බන්ධයෙන් සාඑධාරණය ඉටු කරන ලෙස ඉල්ලා එම විශ්ව විද්‍යාලයේ සිසුන් අද (31) යළි විරෝධතාවක නිරත වුණා.

ආචාර්යවරුන් හා අනධ්‍යයන සේවකයින් විශ්ව විද්‍යාලයට ඇතුළු වීම වළක්වමින් ගේට්ටු වසා දමා ඔවුන් විරෝධතාවයේ නිරත වූ බවයි නෙත් නිව්ස් වාර්තාකරු මාධව කුලසූරිය පැවසුවේ.

විශ්ව විද්‍යාලයේ සිසුන්ට මේ වන විට නිවාඩු ලබා දි ඇති බැවින් විශ්ව විද්‍යාල පාලක සභාවේ නිළධාරීන් හා අනධ්‍යයන කාර්ය මණ්ඩල පමණක් පසුගිය දිනවල විශ්ව විද්‍යාලීය කටයුතු වෙනුවෙන් පැමිණි සිටි බවයි නෙත් නිවුස් වාර්තාකරු වැඩිදුරටත් පැවසුවේ.

විශ්ව විද්‍යාල පාලක සභාවේ නිළධාරීන් හා අනධ්‍යයන කාර්ය මණ්ඩලයේ පිරිසද ජිවිතක්ෂයට පත්වු සිසුන්ගේ මරණයන් වෙනුවෙන් සාධාරණය ලබා ගැනීම වෙනුවෙන් සහයෝගය දැක්විය යුතු බවද විරෝධතාවයට එක්වු විශ්ව විද්‍යාල සිසුන් ඉල්ලා සිටියා.

යාපනය විශ්ව විද්‍යාලයේ තුන් වන වසරේ අධ්‍යාපනය ලද යාපනය, අලවේට්ටි, කන්දරෝඩ්ඩෛයි ප‍්‍රදේශයේ පදිංචි 24 හැවිරිදි තරුණයෙකු වන එස්. සුලක්ෂන් නමැති තරුණයෙකු හා කිලිනොච්චිය, ප‍්‍රදේශයේ පදිංචි නඩරාසා ගජන් නමැති 23 හැවිරිදි තරුණයෙකු ඉකුත් 20 වැනිදා රාත‍්‍රියේදි යාපනය කුලප්පිට්ටි ප‍්‍රදේශයේදි ජිවිතක්ෂයට පත්වුණා.

image-www-nethnews-lk00001 image-www-nethnews-lk00002 image-www-nethnews-lk00003 image-www-nethnews-lk00004 image-www-nethnews-lk00005 image-www-nethnews-lk00006 image-www-nethnews-lk00007