Friday, April 26, 2024

General line - 0115112241

ජයලලිතා අගමැතිට යළිත් ලියයි




මෙරට අත්අඩංගුවේ පසුවන ඉන්දීය ධීවරයන් මුදා ගැනීමට පුද්ගලිකව මැදිහත් වන්නැයි තමිල්නාඩු මහ ඇමතිනි ජයලලිතා ජයරාම් යළිත් ඉල්ලීමක් කර තිබෙනවා.

ඉන්දීය අග‍්‍රාමාත්‍යවරයා වෙත ලිපියක් යොමු කරමින් ජයලලිතා ජයරාම් මෙම ඉල්ලීම සිදුකර ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා අනාවරණ කළේ. මේ වනවිට ඉන්දීය ධීවරයන් 73 දෙනෙකු ශී‍්‍ර ලංකා අත්අඩංගුවේ පසු වනවා.

මෙරට ආරක්‍ෂක අංශය භාරයේ තිබෙන ධීවර බෝට්ටු ගණන 101 ක්. ඉකුත් බ‍්‍රහස්පතින්දා ද ඉන්දීය ධීවරයන් 16 දෙනෙකු ශී‍්‍ර ලංකා නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන ඇති බවයි ජයලලිතා ජයරාම් සිය ලිපිය මගින් පෙන්වා දී ඇත්තේ.

එමෙන්ම තමිල්නාඩු ධීවරයන්ට කච්චතිව් මුහුදු ප‍්‍රදේශයේ ගැටලුවකින් තොරව ධීවර කටයුතුවල නිරතවීමට අවස්ථාව සලසා දෙන ලෙසද ජයලලිතා ජයරාම් ඉන්දීය අග‍්‍රාමාත්‍යවරයාගෙන් ඉල්ලා තිබෙනවා. මෙම ඉල්ලීම්වලට විසඳුම් නොලැබුණහොත් ඉදිරියේදී දැවැන්ත ධීවර වර්ජනයක් සිදුකරන බවයි ඇය වැඩිදුරටත් ප‍්‍රකාශ කර තිබෙන්නේ.