Wednesday, May 8, 2024

General line - 0115112241

ලංකාවට වඩා නම් ගොඩක් හොඳයි – මිචෙල් ස්ටාර්ක්




ශ්‍රී ලංකාවේදී පන්දු යවනවාට වඩා මෙම තණතීරු වල පන්දු යැවීම ගොඩක් හොඳයි..යැයි ඕස්ට්‍රේලියානු වේග පන්දු යන ක්‍රීඩක මිචෙල් ස්ටාර්ක් පවසා තිබෙනවා.

ඒ ඕස්ට්‍රේලියා කණ්ඩායම හා දකුණු අප්‍රිකානු කණ්ඩායම ඊයේ ආරම්භ වූ පළමු ටෙස්ට් තරඟයේදී දිනය අවසානයේ පැවති මාධ්‍ය හමුවකදියි.

තරඟය පැවැත්වෙන්නේ ඕස්ට්‍රේලියාවේ පර්ත් ක්‍රීඩා පිටියේ.

මෙම තණතීරු වල පන්දු යවන්නන්ට හා පිතිකරුවන් යන දෙපාර්ශවයටම වාසි දායක බවත් හොඳ තරඟයක් දැක බලාගත හැකි බවත් ස්ටාර්ක් වැඩිදුරටත් පවසා තිබෙනවා.

කාසිය වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් දකුණු අප්‍රිකානු කණ්ඩායමේ පළමු ඉනිම ලකුණු 242 සීමා කිරීමට ඕස්ට්‍රේලියානු පන්දු යවන්නන් සමත් වුණා.

මෙහිදී ලකුණු 71ට කඩුලු 4ක් දවා ගැනීමට මිචෙල් ස්ටාර්ක් සමත් වුණා.

අනතුරුව දෙවන ඉනිම සඳහා පිටියට පැමිණි ඔස්ට්‍රේලායානු කණ්ඩායම මේ වන විට කඩුලු 5ක් දැවී ලකුණු 200ක් ලබාගෙන සිටිනවා.

අද තරඟයේ දෙවන දිනයයි.

PERTH, AUSTRALIA - NOVEMBER 03: Mitchell Starc of Australia celebrates the wicket of Stephen Cook of South Africa during day one of the First Test match between Australia and South Africa at the WACA on November 3, 2016 in Perth, Australia.  (Photo by Paul Kane/Getty Images)