Friday, April 26, 2024

General line - 0115112241

පොළොන්නරුව ගල් විහාරයේ හිටි බුද්ධ ප‍්‍රතිමා වහන්සේගේ අනුරුවක් කොළඹදී නිරාවරණය වෙයි (PHOTOS)




කොළඹ, ග‍්‍රෑන්ඩ්පාස් ප‍්‍රදේශයේ පිහිටි ශි‍්‍ර ඉසිපතනාරාම විහාරස්ථානයේ අභිනවයෙන් ඉදිකළ ‘‘පරදුක්ඛ දුක්ඛිත’’ බුද්ධ ප‍්‍රතිමා වහන්සේ නිරාවරණය කිරීම ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන් අද (06) සිදු කෙරුණා.

මෙම බුද්ධ ප‍්‍රතිමා වහන්සේ ඓතිහාසික පොළොන්නරුව ගල් විහාරයේ වැඩ සිටින ‘‘පරදුක්ඛ දුක්ඛිත’’ හිටි බුද්ධ ප‍්‍රතිමා වහන්සේගේ අනුරුවක්.

අඩි 40 ක් පමණ උසැති මෙම බුද්ධ ප‍්‍රතිමා වහන්සේ නිර්මාණය කිරීම සදහා රුපියල් ලක්‍ෂ 45 ක පමණ මුදලක් වැය වි තිබෙනවා.

grand-pass-1 grand-pass-2 grand-pass-3 grand-pass-4 grand-pass-5 grand-pass-6 grand-pass-7 grand-pass-8