Friday, April 26, 2024

General line - 0115112241

මොරටුව සහ රත්මලාන අතර දුම්රිය ධාවනය තාවකාලිකව අත්හිටුවයි




ලබන 11 වන දින රාත‍්‍රී 10.00 සිට 15 වෙනි දින පස්වරු 4.00 දක්වා මුහුදුබඩ මාර්ගයේ රත්මලාන හා මොරටුව අතර දුම්රිය ධාවනය නතර කර තිබෙනවා.

ඒ, එම දුම්රිය ස්ථාන අතර පැරණි පාලමක් ඉවත් කර නව පාලමක් ස්ථාපිත කිරීම හේතුවෙන්. ඒ අනුව මෙම කාලය තුළ මාතර සහ ගාල්ල සිට පැමිණෙන දුම්රිය මොරටුව දුම්රිය ස්ථානය දක්වා පමණක් ධාවනය වනු ඇති.

මුහුදුබඩ මාර්ගයේ කොළඹ කොටුවේ සිට පැමිණෙන සියලූ දුම්රිය රත්මලාන දුම්රිය ස්ථානයට පමණක් ධාවනය කෙරෙනවා.

මගීන්ට සිදුවන අපහසුතා වළක්වා ගැනීම සඳහා මොරටුව සහ රත්මලාන දුම්රිය ස්ථාන අතර විශේෂ බස් රථ සේවාවක් ද එම දිනයන් හිදී කි‍්‍රයාත්මක කරන බවයි දුම්රිය දෙපාර්තමේන්තුව පැවසුවේ.