Saturday, April 27, 2024

General line - 0115112241

මහා පරිමාණ වංචාකරුවන්ට විශේෂ අධිකරණයක්




විවිධ කණ්ඩායම් රට නොසන්සුන් කිරීමට ගන්නා උත්සහයන් හමුවේ පොදුජනතාව එ් පිළිබඳ අවබෝධයෙන් කටයුතු කළ යුතු බව ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන මහතා පවසනවා. සිංහල මුස්ලිම් ජනතාව අසමගි කිරීමේ කුමන්ත‍්‍රණයක් මෙන්ම සාමාන්‍ය ජනතාව නොසන්සුන් කිරීමේ විවිධ කුමන්ත‍්‍රණ රට තුළ දියත් වෙමින් ඇති බවයි ජනාධිපතිවරයා ප‍්‍රකාශ කළේ. පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමියන් දැයෙන් සමුගෙන වසරක් සපිරීම වෙනුවෙන් ඊයේ පස්වරුවේ පැවති උත්සවයකට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව කියා සිටියා. එ් ඉකුත් සඳුදා ජනාධිපති කාර්යාලය අසලදී ආබාධිත රණවිරුවන් පිරිසක් කි‍්‍රයාත්මක කළ විරෝධතාව පිළිබඳවද අදහස් පළ කරමින්.

මෙම උත්සවය ඇමතූ සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරයේ කැඳවුම්කරු මහාචාර්ය සරත් විජේසූරිය පැවසුවේ මහා පරිමාණ වංචාකරුවන්ට නීතිය කි‍්‍රයාත්මක කිරීමට විශේෂ අධිකරණ පද්ධතියක් ස්ථාපිත කළ යුතු බවයි.

ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා එම ඉල්ලීමටද ප‍්‍රතිචාර දැක්වූවා.
“ඒ සම්බන්ධයෙන් අපිත් මාස ගණනක් තිස්සේ සාකච්ඡා කරමිනුයි ඉන්නේ. යම් යම් නීතිමය තත්ත්වයන් සමග ඒ දේ කරන්නේ කොහොමද කියන එක, ආයතන පිහිටුවීම, ඒ සඳහා පුද්ගලයින් පත්කිරීම, මේ සංකීර්ණ තත්ත්වය නිරාකරණය කරගෙන් සාකච්ඡා කරල කටයුතු කිරීම අවශ්‍යයි“