Saturday, April 27, 2024

General line - 0115112241

ජනපති පුටුව දිනූ ට්‍රම්ප් ගේ ඉතිහාසය මෙන්න




ඩොනල්ඩ් ට්‍රම්ප් ඇමරිකාව තුළ කවුරුත් දන්නා චරිතයක් බවට පත්වුයේ ඇමරිකානු රූපවාහිනියේ ‘ද ඇප්‍රන්ටිස්’ රියලිටි වැඩසටහන ඔස්සේයි.

ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත්වීමෙන් පසු තම ප්‍රචාරක ව්‍යාපාරය තුළ ප්‍රකෝපකාරී අදහස් දැක්වීමේ ක්‍රමයක් අනුගමනය කළ ට්‍රම්ප් ඇමරිකානු ආර්ථිකය ශක්තිමත් කිරීමටත්, මෙක්සිකානු දේශසීමාව හරහා තාප්පයක් බැඳීමටත්, මුස්ලිම් භක්තිකයන් ඇමරිකාවට ඇතුල්වීම තාවකාලිකව තහනම් කිරීමටත් පොරොන්දු දී තිබුණා.

මේ වනවිට හැත්තෑ වැනි වියේ පසුවන ට්‍රම්ප් තුන් වතාවක් විවාහ වී ඇති අතර ඔහුගේ වර්තමාන බිරිඳ වන්නේ නිරූපිකාවක් වන මෙලනියා නවුස්.

ඇමරිකානු ජනාධිපතිවරණයෙන් ඓතිහාසික ජයක් ලැබූ ඩොනල්ඩ් ට්‍රම්ප් කුඩා කාලයේ නිව්යෝර්ක් නගරයේදී හැදී වැඩුනේ ධනවත් ව්‍යාපාරිකයෙකුගේ සිව් වැනි පුතු ලෙසටයි.

පසුව ඔහු තම පවුලේ ව්‍යාපාරය බ්රූක්ලින් සහ ක්වීන්ස් හි නිවාස සංකීර්ණවල සිට මෑන්හැටන් ප්‍රදේශය දක්වා රැගෙන ගියා.

පස්වැනි වීදියේ ‘ට්‍රම්ප් කුළුණ’ ඔහුගේ සාර්ථකත්වයේ සලකුණක් ලෙස සැලකෙනවා.

එහෙත් පසුව ඔහු තම ව්‍යාපාර කැසිනෝ සහ හෝටල් ව්‍යාපාරය දක්වා ව්‍යාප්ත කළ අතර එහි ප්‍රතිඵලය වූයේ සිව් වතාවක්ම බංකොලොත්භාවයට පත්වීමයි.

කෙසේවුවද, ෆොර්බ්ස් සඟරාවට අනුව ට්‍රම්ප්ගේ වර්තමාන දේපළවල වටිනාකම ඩොලර් බිලියන 3.7 ක් වුවද ට්‍රම්ප් නිරතුරුව පවසන්නේ එය ඩොලර් බිලියන 10 ක් බවයි.

ට්‍රම්ප්ගේ වැඩිමහල් පුතුට අවුරුදු 38ක් වන අතර කුඩා බාලයාට අවුරුදු 10ක් වෙන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

1-13-1-1024x576 2-10-1 3-9-1024x512 4-9 5-11-768x576 6-9 7-5-768x432 b