Friday, April 26, 2024

General line - 0115112241

නෙත් කඨින මහා පුණ්‍යෝත්සවය ඇරඹෙයි (PHOTOS)




නෙත් එෆ්. එම්. රේඩියෝව සංවිධාන කරන කඨින මහා පිංකම ගම්පහ මිරිස්වත්ත ශ්‍රී සුදර්ශන ධර්ම නිකේතනයේ දී අද උදෑසන ආරම්භ වුණා.

ශ්‍රී ලංකාවේ මාධ්‍ය ආයතනයක් විසින් සිදුකෙරෙන එකම කඨින මහා පිංකම ද මෙයයි.

නෙත් එෆ්. එම්. රේඩියෝව අඛණ්ඩව තුන්වන වරට මෙවර මෙම පිංකම සංවිධාන කරනවා.

කඨින චීවරය සඳහා යොදා ගැනෙන කඨින දුස්සය රැගත් පෙරහැර ආරම්භ වූයේ අලූයම 5.30ට පමණයි.

කඨින පෙරහැර ගම්පහ මිරිස්වත්ත ශ්‍රී සුදර්ශන ධර්ම නිකේතනයට පැමිණීමෙන් අනතුරුව චාරිත්‍ර කිහිපයක් සිදු කෙරෙනවා.

කඨින චීවරය සඝසතු කර පූජා කිරීම සහ ඒ ආශ්‍රිත විනය කර්ම අද රාත්‍රී 7.00 සිට නෙත් එෆ්. එම්. රේඩියෝව ඔස්සේ සජීවීව ප්‍රචාරය කෙරෙනවා. එම විනය කර්ම රේඩියෝ නාලිකාවකින් සජීව ලෙස ප්‍රචාරය කෙරෙන පළමු අවස්ථාව ද මෙයයි.

15058760_1218329811574677_1331978283_n 14997080_1218322411575417_993679_n 15032391_1218320648242260_695542949_n-1 15032391_1218320648242260_695542949_n 15050192_1218320644908927_1735435007_n 15050250_1218321038242221_693769469_n 15057875_1218329808241344_1090656364_n 15058570_1218320864908905_906828918_n 15058745_1218322404908751_1719766470_n

15058666_1218346288239696_1541074594_n

14996294_1218349588239366_1562407348_n

15032390_1218346174906374_759597640_n

15046409_1218349474906044_752075600_n

15049631_1218349464906045_652250463_n