Saturday, April 27, 2024

General line - 0115112241

2500 පොලිස් දඩයට මුවාවී ආණ්ඩුව කරන දෙයක් ගැන ඒකාබද්ධ විපක්ෂයෙන් හෙලිදරව්වක්




රථවාහන වැරදි සම්බන්ධයෙන් වන අවම දඩය රුපියල් 2500ක් දක්වා වැඩි කිරීමට අයවැයෙන් කළ යෝජනාව සැබෑ ගැටලූ යටපත් කිරීමට ආණ්ඩුව සිදුකළ උපක්‍රමයක් දැයි සැක මතු වන බව ඒකාබද්ධ විපක්ෂය පවසනවා.

පාර්ලිමේන්තු මන්ත්‍රී විදුර වික්‍රමනායක පැවසුවේ බොහෝ දෙනා රථවාහන දඩය පිළිබඳ යෝජනාව කෙරෙහි අවධානය යොමුකළ ද ඊට වඩා අවධානය යොමුකළ යුතු ගැටලූ ගණනාවක් අයවැය යෝජනා අතර පවතින බවයි.

තේ හා රබර් සඳහා රජය විසින් ලබා දෙනවා යැයි පැවූසූ සහතික මිල මෙම අයවැයේ දක්නට නොලැබෙන බවත් මන්ත්‍රීවරයා පැවසුවා.

අය වැය ඉදිරිපත් කිරීමේදී බදු පැටවෙන ඒවා ඉංග්‍රීසියෙන් ප්‍රකාශ කළ බවත්, බදු අඩුවන ඒවා සිංහලෙන් ප්‍රකාශ කළ බවත් බොහෝ දෙනා පවසන කතාව තමාටද පැහැදිලි වූ බව මන්ත්‍රීවරයා පැවසුවා.මෙම අයවැය මළ බද්ධයක් බවට පත්ව ඇති බවයි මන්ත්‍රීවරයා වැඩිදුරටත් පවසා සිටියේ.