Saturday, April 27, 2024

General line - 0115112241

ජපාන මුහුදේ ප්‍රබල භූ කම්පනයක්




ජපානයේ හොන්ෂු දූපතට ආසන්න සාගරයේ රික්ටර් පරිමාණ 6.2ක භූ කම්පනයක් සිදුවී තිබෙනවා.

ඇමෙරිකානු භූ විද්‍යා සමීක්ෂණ ආයතනය පෙන්වාදෙන පරිදි අද (12) උදෑසන සෙන්ඩායි නගරයට කිලෝමීටර් 65ක් පමණ ඊසාන දිගින් සාගරයේ මෙම භූ කම්පනය සිදුව තිබේ.

ජපාන කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මෙම භූ කම්පනය රික්ටර් පරිමාණ 5.8ක් ලෙස වාර්තා කර තිබුණා.

මින් ප්‍රබල උදම් රළ ඇතිවීමක් බලාපොරොත්තු විය නොහැකි බව පැසිෆික් සුනාමි අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය සඳහන් කළා.

58264528c461889d018b4582