Saturday, April 27, 2024

General line - 0115112241

යුරෝපා මත්ස්‍ය තහනම ඉවත්වීමේ වාසි දැන් ලංකාවට ලැබෙනවා




යුරෝපා මත්ස්‍ය තහනම ඉවත් වීමෙන් පසු වාසි රැසක් දැනටමත් ශ‍්‍රී ලංකාවට හිමිවී ඇතැයි ධීවර සහ ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා.

හෙතෙම පෙන්වා දෙන්නේ මේ වන විට ශ්‍රී ලංකාවේ මත්ස්‍යයින් මෙට්ට්‍රික් ටොන් සියයකට වඩා අපනයනය කර ඇති බවයි. අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ අම්බලන්තොට ප‍්‍රදේශයේ පැවති වැඩසටහනකට එක්වෙමින්.

යුරෝපා මත්ස්‍ය තහනම පැවති සමයේ ශ‍්‍රී ලංකාවට ලැබීමට තිබූ ප‍්‍රතිලාභ රැසක් අහිමී වී ගිය බවත් අමාත්‍යවරයා ප‍්‍රකාශ කළා.  ජී.එස්.පී ප්ලස් බදු තහනමද ළඟදීම ඉවත් වෙන බවත් ඉන් අනතුරුව ලංකාවට ලැබෙන වාසිසහගත තත්ත්වයත් සමග රටේ සංවර්ධනය වේගවත් වෙන බවත් සඳහන් කළා.