Friday, April 26, 2024

General line - 0115112241

නෝර්වේ රාජ්‍යයෙන් ශ‍්‍රී ලංකාවට ආරාධනයක්




නෝර්වේ රාජ්‍යයේ ලබන මස පැවැත්වෙන ලෝක ප‍්‍රසිද්ධ ධීවර ප‍්‍රදර්ශනයට සහභාගි වන්නැයි ශ‍්‍රී ලංකාවට නිල ආරාධනයක් ලැබී තිබෙනවා.

මත්ස්‍ය අපනයනය සම්බන්ධයෙන් සාකච්ඡාවක් ද මෙම ප‍්‍රදර්ශනයට සමගාමීව පැවැත්වීමට නියමිතයි.

ශ‍්‍රී ලංකාවේ ධීවර කර්මාන්තය සංවර්ධනය කිරීම සඳහා අංශ ගණනාවකින් තාක්ෂණික සහ මුදල් ආධාර ලබාදීමට ද නෝරවේ රාජ්‍ය ඉදිරිපත් වී සිටිනවා.