Wednesday, May 8, 2024

General line - 0115112241

භික්ෂූන් වහන්සේ ඇතුළු පිරිසක් මඩකලපුවට ගිය ගමනක් පොලිසිය විසින් අතරමග නතර කෙරේ (PHOTOS)




මඩකලපුව මංගලාරාම විහාරස්ථානයේ පැවැත්වෙන පිංකමක් සඳහා සහභාගීවීමට යමින් සිටි බෞද්ධ සංවිධාන කිහිපයක භික්ෂූන් වහන්සේ ඇතුළු පිරිසක් පොලිසිය විසින් අවහිර කර තිබෙනවා.

මෙම පිරිස දුම්රිය මාර්ගයක් හරස් කරමින් උද්ඝෝෂණයක යෙදී සිටි අතර පොලිසිය ඔවුන් විසුරුවා හැරීමට උත්සහ කළේ ද එහිදීයි.

නෙත් නිවුස් වාර්තාකරු වසන්ත චන්ද්‍රපාල පැවසුවේ මේ වන විටත් එම පිරිස මඟ රැදී සිටින බවයි.

මංගලාරාමාධිපති අම්පිටියේ සුමනරත්න හිමියන් පූනානි ප්‍රදේශයට යාමට උත්සහ කිරීමේදී පොලිසිය විසින් අවහිර කිරීමත් සමග උණුසුම්කාරී තත්ත්වයක් ඇතිවුණු බවත් ඔහු පැවසුවා.

මඩකලපුව මංගලාරාම විහාරස්ථානය ආසන්නයේ ද පොලිස් රැකවල් යොදා තිබෙනවා.

15219431_1808269486090886_8216864299991573969_n 15230655_148623445615762_3177829443904160971_n 15284049_2158834311008279_7321057998775827032_n 15284088_148623788949061_7387008226706893273_n 15284816_1808269896090845_2349208859954785223_n 15317868_1808269052757596_3536388349071400626_n