Friday, April 26, 2024

General line - 0115112241

සංගා, මහේල සහ ගුරුසිංහ ක්‍රිකට් පුහුණුකරු බළඇනියට!




ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ක‍්‍රීඩකයින්ගේ දක්ෂතා වර්ධනය කිරීමට ජාත්‍යන්තරය ජයගත් මෙරට ප‍්‍රවීණ ක‍්‍රීඩකයින් ඉදිරියේදී ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් සමග එක්වන බව අරවින්ද ද සිල්වා පවසනවා. ඔහු මේ අදහස් පළ කළේ කොළඹ ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

“ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ දැනුමේ කිසි අඩුවක් නැහැ. ඉතිං එයාලව ඉස්සරහට පාවිච්චිකරන්න ඕනේ අපේ තරුණ පරපුරටත් ඒ දැනුම ලබාදෙන්න. අපේ ක්‍රීඩකයන් ඉන්නවා මහේල , සංගා , මුරලිදරන් , අසංක ගුරුසිංහ වැනි ක්‍රීඩකයන්ගේ සියළු දැනුම අපි ඉස්සරහට ලබාගන්න බලාපොරොත්තු වෙනවා”.

එම හඬපටය පහතින් ඇසිය හැකියි

අරවින්ද ද සිල්වා ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් උපදේශක වශයෙන් කටයුතු කරන අතර ක‍්‍රීඩක දක්ෂතා වර්ධනය කිරීමේ කළමනාකරු වශයෙන් සයිමන් විල්ස් කටයුතු කරනවා. සයිමන් විල්ස්ගේ අධීක්ෂණය යටතේ හෂාන් තිලකරත්නට සහ උපුල් චන්දනට ඉකුත් දා පිතිකරණ සහ පන්දු රැකීම් පුහුණුකරු තනතුරු ද පිරිනැමුණා.