Friday, April 26, 2024

General line - 0115112241

ශ්‍රී ලංකා ක්‍රිකට් කළමණාකරුට බාල්දියක්




ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ කළමනාකරු ලෙස කටයුතු කරන චරිත් සේනානායක එම තනතුරෙන් ඉවත්කර නව කළමනාකරුවෙකු පත්කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අවධානය යොමුව ඇතැයි මාධ්‍ය වාර්තා පළ වනවා.

මේ සම්බන්ධයෙන් අප  කළ විමසීමකදී චරිත් සේනානායක සඳහන් කළේ එවැනි දෙයක් පිළිබඳව තමන් කිසිඳු තොරතුරක් නොදන්නා බවයි.

ඉකුත් තුන්කොන් ශූරතාව දිනූ ශ්‍රී ලංකා  කණ්ඩායමේ මානසික තත්ත්වය ඉහළ දැමීමට ඔහු පසුගිය කාලයේ කැපවීමෙන් කටයුතු කළ අයෙක්.

මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලේකම් මොහාන් ද සිල්වා පැවසුවේ තනතුරු මාරුවක් පිළිබඳව තවමත් තීරණයක් ගෙන නොමැති බවයි. කෙසේ වෙතත් එළඹෙන දකුණු අප්‍රිකානු ක්‍රිකට් සංචාරයේදී එම තනතුරේ වෙනසක් සිදුවේද යන්න තමන් නොදන්නා බවද ඔහු සඳහන් කළා.

චරිත් සේනානායක වෙනුවට ශ්‍රී ලංකා ක්‍රිකට් පුහුණුකරු අංශයේ ප්‍රධානී ජෙරම් ජයරත්න පත්කරනු ඇති බවටද වාර්තා පළ වනවා.