Friday, April 26, 2024

General line - 0115112241

ලසිත් මාලිංග රෝහල්ගත කෙරේ




ක‍්‍රිකට් ක‍්‍රීඩක ලසිත් මාලිංග කොළඹ පෞද්ගලික රෝහලකට ඇතුළත් කර තිබෙනවා.

ඇති වූ ශාරීරික අපහසුතා සැලකිල්ලට ගෙන ඊයේ (08) රාත‍්‍රී ඔහු මෙලෙස රෝහල්ගත කෙරුණු බවයි ශ‍්‍රී ලංකා ජාතික ක‍්‍රිකට් කණ්ඩායමේ හිටපු වේග පන්දු පුහුණුකරුවෙකු වන අනූෂ සමරනායක පැවසුවේ.

ලසිත් මාලිංගට වැළඳී ඇත්තේ ඩෙංගු රෝගය බවට වෛද්‍යවරුන් සැක කරනවා. ඒ අනුව ප‍්‍රතිකාර ලබාදීම ආරම්භ කර ඇති බවයි රෝහල් ආරංචි පැවසුවේ.

ශ‍්‍රී ලංකා ජාතික ක‍්‍රිකට් කණ්ඩායමේ එළඹෙන දකුණු අප‍්‍රිකානු සංචාරයේ දී පන්දුවාර විස්සයි විස්ස තරග සඳහා සහභාගී වීමට ලසිත් මාලිංග අපේක්ෂාවෙන් සිටියා. එහෙත් මෙම රෝගී තත්වය හේතුවෙන් එය ද අවිනිශ්චිත බවයි අනූෂ සමරනායක කියා සිටියේ.