Friday, April 26, 2024

General line - 0115112241

ජාත්‍යන්තරයට බොරු කළ හොකී ඊමේල් ගැන CID පරීක්ෂණ




ශ‍්‍රී ලංකා හොකී සම්මේලනයට කටයුතු කිරීමට නීතිමය අවසරයක් නැතැයි පවසමින් අන්තර්ජාතික හොකී සංගමයට අසත්‍ය විද්‍යුත් පණිවුඩ යොමු කළ දිස්ත‍්‍රික් හොකී සංගම් දෙකක් පිළිබඳ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

මේ සම්බන්ධයෙන් අන්තර් ජාතික හොකී සංගමය ශ‍්‍රී ලංකා හොකී සම්මේලනයට ද පරීක්ෂණයක් කරන ලෙස දන්වනු ලැබුවා.

මෙම අසත්‍ය විද්‍යුත් පණිවිඩය යොමු කර ඇත්තේ කොළඹ දිස්ත‍්‍රික් හොකී සංගමයේ ලිපි ශීර්ෂයක් යටතේයි.

ශ‍්‍රී ලංකා හොකී සංගමයේ කටයුතු කඩාකප්පල් කිරීමේ අරමුණින් ඇතැම් සංගමයක් හෝ පුද්ගලයෙකු විසින් මෙම අසත්‍ය තොරතුරු ලබා දී ඇත්ද යන්න පරීක්ෂණ ක‍්‍රියාත්මකයි.