Friday, April 26, 2024

General line - 0115112241

පරදින ඡන්දවලට මහින්ද ඇවිත් පළක් නැහැ




නව ව්‍යවස්ථාව ගැන පාර්ලිමේන්තුවේ ඡන්ද විමසීමක් සිදුවේ නම් එදාට මහින්ද රාජපක්ෂ මහතා ඡන්දය ප්‍රකාශ කරනු ඇතැයි පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල පැවසුවා.

කොළඹදී අද (12) කැඳවා තිබූ මාධ්‍ය හමුවකදී හෙතෙම මේ බව සඳහන් කළා.

එසේ නොමැතිව පරදින ඡන්දවලට හිටපු ජනාධිපතිවරයා ඡන්ද ප්‍රකාශ නොකරන බවයි උදය ගම්මන්පිල මන්ත්‍රිවරයා සදහන් කළේ.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වු උදය ගම්මන්පිල සඳහන් කළේ “මහින්ද රාජපක්ෂ මහතාට අයවැයට ඡන්දය දෙන්න එන්න එපා කියලා තියෙන්නේ අපි. මහින්ද රාජපක්ෂ මහතාට තියෙන්නේ අනිත් අයට වගේ තවත් එක් ඡන්දයක් විතරයි. එතුමා ඓතිහාසික චරිතයක්. නිකන් පරදින ඡන්ද වලට එතුමා ඇවිත් අත එසවීමේ පලක් නැහැ. ඡන්දයක් විමසන වෙලාවේ මහින්ද රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේ ඉන්නවා කියන්නෙම එදාට ලොකු පෙරලියක් වෙනවා කියන එකේ පළමුවෙනි සංකේතය. ජාතියේ ඉරණම තීන්දු කරන අලුත් ව්‍යවස්ථාව ගැන ඡන්ද විමසීමක් වෙනවානම් එදාට මහින්ද රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවට ඇවිත් ඡන්දේ දෙනවා.” යනුවෙනි.