Saturday, April 27, 2024

General line - 0115112241

ශ්වේත පූජා වැඩසටහන යටතේ යුගාසන කාව්‍යමය ධර්ම දේශනයක් සහ ආශිර්වාද පූජාවක් අද පස්වරුවේ




නෙත් එෆ්. එම්. රේඩියෝවේ ශ්වේත පූජා වැඩසටහන මේ වනවිට ද බුලත්කොහුපිටිය ශ‍්‍රී සුගත විසුද්ධාරාම විහාරස්ථානයේ දී පැවැත්වෙනවා.

වැඩසටහන ආරම්භ වුයේ රැස්ව සිටි පිරිස සිල් සමාදන් කරවීමෙන්. ඉන් පසුව ධර්ම දේශනා, ධර්ම සාකච්ඡා ඇතුළු වැඩසටහන් පැවැත්වුණා.

උදෑසන ධර්ම දේශනාව සිදු කළේ ඇහැලියගොඩ තලාපිටිය ශ‍්‍රී කේතුමතී විහාරාධිපති ශාස්ත‍්‍රපති පූජ්‍ය බුද්ධංකෝට්ටේ සුමන හිමියන්.

ශ්වේත පූජා වැඩසටහනට සහභාගී වූ පිරිස් නෙත් නිවුස් වෙත මෙලෙස අදහස් පල කළා.

නෙත් එෆ්. එම්. ශ්වේත පූජා වැඩසටහන යටතේ යුගාසන කාව්‍යමය ධර්ම දේශනයක් සහ ආශිර්වාද පූජාවක් ද අද පස්වරුවේ පැවැත්වෙනවා.


උඳුවප් පුර පසළොස්වක පොහොය අදයි – නෙත් එෆ්. එම්. ශ්වේත පූජා වැඩසටහන බුලත්කොහුපිටියේදී

Dec 13, 2016 @ 08:14

උඳුවප් පුර පසළොස්වක පොහොය අදයි. වසරේ අවසන් පොහොය ද වන මෙය ශාසනික ඉතිහාසයේ වැදගත් සිදුවීම් රැසක් සිදු වූ පොහොය දිනයක් ලෙසටයි සැලකෙන්නේ. කරන්දෙණිය උණගස්වෙල ශ‍්‍රී නිවේසාරාමාධිපති පූජ්‍ය පිටිගල ධම්ම විනීත හිමියන් ඒ පිළිබඳව කරුණු දැක්වූ හඬපටය පහතින් ඇසිය හැකියි.

නෙත් එෆ්. එම්. රේඩියෝවේ ශ්වේත පූජා වැඩසටහන අද පැවැත්වෙන්නේ බුලත්කොහුපිටිය ශ‍්‍රී සුගත විසුද්ධාරාම විහාරස්ථානයේදීයි. විහාරාධිකාරී, ශාස්ත‍්‍රවේදි අලවතුරේ රතනවංශ හිමියන් ඒ පිළිබඳව කරුණු දැක්වූ හඬපටය පහතින් දැක්වේ.

අද දිනයේ සිදු කෙරෙන විශේෂ කටයුත්තක් පිළිබඳව ද උන්වහන්සේ මෙලෙස පැහැදිලි කළා.

ධර්ම දේශනා, ධර්ම සාකච්ඡා ඇතුළු ආගමික වැඩසටහන් රැසක් අද දවස පුරා මෙම විහාරස්ථානයේ දී පැවැත්වීමට නියමිතයි.