Saturday, April 27, 2024

General line - 0115112241

ඇමරිකා – රුසියා නැවතත් උණුසුම් : සුදුසු මොහොතක ප්‍රතිචාර දක්වනවා – ඔබාමා




ඉකුත් නොවැම්බර් මාසයේ පැවති අමෙරිකානු ජනාධිපතිවරණය ඉලක්ක කර ගනිමින් රුසියාව එල්ල කළ සයිබර් ප්‍රහාර පිළිබඳ ප්‍රතිචාර දක්වන බව අමෙරිකානු ජනාධිපති බරක් ඔබාමා පවසනවා.

අමෙරිකානු එන්. පී. ආර්. ගුවන් විදුලි සේවාවේ සාකච්ඡාවකට එක්වෙමින් බරක් ඔබාමා මේ බව කියා සිටියා.

රුසියාවේ ක්‍රියාව සඳහා පිළිතුරු දීම සුදුසු මොහොතක සිදුවනු ඇති බවයි ඔබාමා එහි දී සඳහන් කළේ.

රුසියානු සයිබර් ප්‍රහාර මගින් හිලරි ක්ලින්ටන්ගේ ඡන්ද ව්‍යාපාරයට වැඩි වශයෙන් ගැටළු ඇති වූ බව ද අමෙරිකානු ජනාධිපතිවරයා ප්‍රකාශ කර තිඛෙනවා.