Friday, April 26, 2024

General line - 0115112241

ශී‍්‍ර ලංකා දෘෂ්‍යාබාධිත ක්‍රිකට් කණ්ඩායමට ලෝක කුසලානෙට යන්න සල්ලි නෑ




ලබන ජනවාරි මාසයේදී ඉන්දියාවේ පැවැත්වෙන පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන දෘෂ්‍යාබාධිත කි‍්‍රකට් තරගාවලිය සඳහා ශී‍්‍ර ලංකා දෘෂ්‍යාබාධිත කණ්ඩායමේ සහභාගිත්වය අවිනිශ්චිත වී තිබෙනවා.

එ් ගුවන් ටිකට්පත් සහ අවශ්‍ය පහසුකම් සපුරා ගැනීමට අනුග‍්‍රහකයෙකු නොමැතිවීම හේතුවෙන්. ඉකුත් වසර කිහිපයේදීම අන්තර්ජාතික දෘෂ්‍යාබාධිත කි‍්‍රකට් තරගාවලි රැසකට සහභාගි වූ ශී‍්‍ර ලංකා දෘෂ්‍යාබාධිත කණ්ඩායම ජයග‍්‍රහණ රැසක් අත්කර ගත්තා.

කෙසේ වෙතත් මෙවර පන්දුවාර විස්ස ලෝක කුසලාන දෘෂ්‍යාබාධිත කි‍්‍රකට් තරගාවලිය තමන්ට සිහිනයක් පමණක් වී ඇති බවයි ශී‍්‍ර ලංකා දෘෂ්‍යාබාධිත ජාතික කි‍්‍රකට් සංගමයේ සභාපති චමින්ද පුෂ්පකුමාර නෙත් නිවුස් වෙත පැවසුවේ.

1998 වසරේ සිටම ක්‍රීඩාවේ නියැලී සිටින ශී‍්‍ර ලංකා දෘෂ්‍යාබාධිත ක්‍රිකට් කණ්ඩායම මේ වන විට ඉතාම හොඳ මට්ටමක පසුවනවා. සිය කණ්ඩායම මෙවර ලෝක කුසලානය ශ්‍රී ලංකාවට හිමිකර දීමේ බාලාපොරොත්තුවෙන් සිටි බවත් සඳහන් කළා.

ලෝකයේ තුන්වන හොඳම දෘෂ්‍යාබාධිත කණ්ඩායම බවට පත්වෙමින් අවසන් වරට පැවති ලෝක කුසලාන තරගාවලියට සහභාගි වූ මෙම කණ්ඩායමට එම තරගාවලියද වරක් අවිනිශ්චිත වී තිබුණා. ඔවුන්ට එම තරගාවලියට සහභාගිවීමට අවස්ථාව උදා වූයේ එදා ද නෙත් නිවුස් කළ අනාවරණය හේතුවෙන්.