Friday, April 26, 2024

General line - 0115112241

ජා ඇල ඇතුළු ප‍්‍රදේශ රැසක ජල සැපයුම යථා තත්ත්වයට (UPDATE)




නල මාර්ගයක සිදුවූ හදිසි පිපිරීමක් හේතුවෙන් ජා-ඇල ඇතුළු ප‍්‍රදේශ රැසක බිඳවැටී තිබූ ජල සැපයුම මේ වන විට යථා තත්ත්වයට පත්කර තිබෙනවා.

ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ සභාපති කේ.ඒ. අන්සාර් සඳහන් කළේ අලුයම 1.30 පමණ වන විට ජල සැපයුම යළි ලබාදීමට හැකි වූ බවයි.

ඊයේ රාත‍්‍රියේ නල මාර්ගයක සිදුවූ හදිසි පිපිරීමක් හේතුවෙන් ජාඇල, ඒකල, කටුනායක, සීදුව, කඳාන සහ වත්තල ඇතුළු ප‍්‍රදේශ කිහිපයක ජල සැපයුම බිඳවැටී තිබුණා.


ප්‍රදේශ කිහිපයකට වතුර නැහැ

Dec 19, 2016 @ 20:50

නල මාර්ගයක සිදු වූ පිපිරීමක් හේතුවෙන් ප්‍රදේශ කිහිපයක ජල සැපයුම ඇණ හිට තිබෙනවා.

ජාතික ජල සම්පාදන හා ජලාප්‍රවාහන මණ්ඩලය ප්‍රකාශ කළේ ජා ඇල , ඒකල , කටුනායක , සීදූව , කඳාන ඇතුළු ප්‍රදේශ කිහිපයක ජල සැපයුම ඇණ හිට ඇති බවයි.