Friday, April 26, 2024

General line - 0115112241

නියඟයට දැන් සිටම සූදානම් වන්නැයි අගමැතිගෙන් උපදෙස්




ලබන මාර්තු මාසයේදී ශ‍්‍රී ලංකාවට බලපානු ඇතැයි අපේක්ෂා කෙරෙන දරුණු නියඟයට මුහුණදීම සඳහා දැන් සිටම සූදානම් වන්නැයි අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා අදාළ අංශ වෙත උපදෙස් ලබා දී තිබෙනවා.

ඊට අදාළ යාන්ත‍්‍රණයක් දැන් සිටම සකස් කරන ලෙසයි අග‍්‍රාමාත්‍යවරයා උපදෙස් ලබා දී ඇත්තේ.

ජනතාවට අවශ්‍ය පරිදි අඛණ්ඩ පානීය ජලය සැපයීම, වගා කටයුතු සඳහා අවශ්‍ය ජලය ප‍්‍රමාණවත් පරිදි මුදාහැරීම ඇතුළු කටයුතු රැුසක් සම්බන්ධයෙන් ඉදිරියේදී සාකච්ඡා කෙරෙනු ඇති.

නියඟය ඇතිවුවද දෛනික ජන ජීවිතය බාධාවකින් තොරව පවත්වාගෙන යාමට අවශ්‍ය කටයුතු සම්පාදනය කරන ලෙස අග‍්‍රාමාත්‍යවරයා උපදෙස් ලබා දී තිබෙනවා.

නියඟයට මුහුණදීම සඳහා විශේෂ කාර්යසාධක බළකායක් ද පිහිටුවීමට නියමිතයි.