Saturday, April 27, 2024

General line - 0115112241

කටුනායක අධිවේගය වගේ පස්ගුණයක් වියදම් යන ව්‍යාපෘතියක්




සාම්පූර් ගල් අඟුරු බලාගාරයේ ඉදිකිරීම නතර කර ස්වාභාවික වායු පර්යන්තයක් සාදා වසර 4කට ඩීසල් යෙදවීම සඳහා රුපියල් බිලියන 200ක් පමණ වැඩිපුර වැයවෙන බව ලංකා විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරු සංගමයේ සභාපති අතුල වන්නිආරච්චි පවසනවා.

එම වියදමින් කටුනායක අධිවේගි මාර්ගය මෙන් 5ක් පමණ සෑදීමට හැකි බවත් ඒ පිළිබඳවද ජනතාව අවදියෙන් සිටිය යුතු බවත් ඔහු අද (20) නෙත් එෆ් එම් බැලුම්ගල වැඩසටහනට එක්වෙමින් පැවසුවා.

එමෙන්ම සහන ණය මුදලක් යටතේ මෙගා වොට් 1200ක ධාරිතාවයකින් යුත් බලාගාරයක් සෑදීමට ජපන් රජය සූදානමෙන් සිටියද මෙරට බලධාරීන් ඊට අවශ්‍ය ඉඩමක් ලබාදීම සිදුකර නොමැති බවටයි ඔහු චෝදනා කරන්නේ.

අදාළ බැලුම්ගල වැඩසටහන පහතින් දැක්වේ