Saturday, April 27, 2024

General line - 0115112241

ශ්‍රිලනිප සංවිධායකවරුන්ට ජනාධිපති ලේකම් කාර්යාලයෙන් කැඳවීමක්




ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ සියලුම ආසන සංවිධායකවරුන්ගේ විශේෂ හමුවක් අද (20) පැවැත්වෙනවා. ඒ, කොළඹ පදනම් ආයතනයේදීයි.

ඉදිරියේදී පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් ආසන සංවිධායකවරුන් දැනුවත් කිරීම මෙහිදී සිදුකෙරෙනු ඇති බවයි වාර්තා වන්නේ.

සියලුම සංවිධායකවරුන් ඊට සහභාගි වන්නැයි දන්වා ජනාධිපති ලේකම් කාර්යාලයෙන් ලිඛිත දැනුම් දීමක් ද සිදුකර තිබෙනවා.

මේ අතර එක්සත් ජනතා නිදහස් සන්ධානයේ විධායක සභාවේ රැස්වීමක් කොළඹදී ඊයේ (19) පැවැත්වුණා.

ජනාධිපති නිල නිවසේ පැවති මෙම සාකච්ඡාවට සන්ධානය නියෝජනය කරන පක්ෂවල නාකයකයින් සහභාගි වී සිටි බවයි වාර්තා වන්නේ.

ඉදිරි පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා වී තිබෙනවා.