Saturday, April 27, 2024

General line - 0115112241

නත්තල් නිවාඩුව වෙනුවෙන් අතිරේක දුම්රිය හා බස් සේවා




නත්තල් නිවාඩුව වෙනුවෙන් හෙට සහ අනිද්දා අතිරේක දුම්රිය ධාවනය කරන බව ශ්‍රී ලංකා දුම්රිය සේවය පවසනවා.

නත්තල සහ නව වසර උදාව වෙනුවෙන් ඉදිරි දින කිහිපයේ දී අතිරේක බස් රථ ද ධාවනය යෙදවීමට නියමිතයි.

නත්තල් නිවාඩුවේ දී සහ නව වසර උදාවේ දී මගීන්ට වඩා හොඳ සේවාවක් සැපයීම සඳහා අතිරේක සේවා සිදු කරන බව පෞද්ගලික බස් හිමියන් ද කියා සිටියා.

මේ අතර මෙම උත්සව සමයේ දී නගරවල ආරක්ෂාව සඳහා අතිරේක නිලධාරීන් සේවයට යොදවා ඇතැයි පොලිසිය මීට පෙර කියා සිටියා.

ඇතැම් නිලධාරීන් නිල ඇඳමින් ද ඇතැම් නිලධාරීන් සිවිල් ඇඳුමින් ද රාජකාරියේ යෙදී සිටින බවයි පොලිසිය වැඩිදුරටත් පැවසුවේ.