Saturday, April 27, 2024

General line - 0115112241

පුරාවස්තු රකින්න සිවිල් ආරක්ෂක බළකාය




පුරාවිද්‍යාත්මක වටිනාකම් ඇති ස්ථානවල ආරක්ෂාව සඳහා සිිවිල් ආරක්ෂක බළකාය යොදවන බව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා පවසනවා.

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව සහ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව ඒකාබද්ධ කරගත් එම විශේෂ වැඩපිළිවෙල ලබන ජනවාරි පළමුවෙනිදා සිට ආරම්භ කරන බවයි ජනාධිපතිවරයා සඳහන් කළේ.

සිවිල් ආරක්ෂක බළකායේ සේවා වනිතා ඒකකය සංවිධාන කළ උත්සවයක් අමතමින් ජනාධිපතිවරයා මේ බව කියා සිටියා.

පුරාවස්තු විනාශය රටක ඉතිහාසය සහ සංස්කෘතිය විනාශ කර දැමීමක් බවයි ජනාධිපතිවරයා එහිදී වැඩිදුරටත් සඳහන් කළේ.

සිවිල් ආරක්ෂක බළකායේ සේවා වනිතා ඒකකය මගින් ඉදිකළ නිවාස 219ක හිමිකම් ප‍්‍රදානය වෙනුවෙන් මෙම උත්සවය සංවිධාන කර තිබුණා.

he-www-nethnews-lk001 he-www-nethnews-lk002 he-www-nethnews-lk003 he-www-nethnews-lk004 he-www-nethnews-lk005 he-www-nethnews-lk006 he-www-nethnews-lk007 he-www-nethnews-lk008 he-www-nethnews-lk009 he-www-nethnews-lk010 he-www-nethnews-lk011 he-www-nethnews-lk012