Friday, April 26, 2024

General line - 0115112241

නව ව්‍යවස්ථාවට මල්වතු පාර්ශ්වයෙන් අගමැතිට යෝජනා කිහිපයක්




අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද පෙරවරුවේ මහනුවරට පැමිණ මල්වතු අස්ගිරි මහනාහිමිවරුන් බැහැදුටුවා.

අග්‍රාමාත්‍යවරයා අස්ගිරි පාර්ශ්වයේ මහනායක අතිපූජ්‍ය වරකාගොඩ ඥානරතන නාහිමිපාණන් බැහැදැක ආශිර්වාද ලබාගත්තේ මහනුවර ශ්‍රී දළදා මාළිගාවේදීයි.

ඉන් අනතුරුව මල්වතු මහා විහාරයට පැමිණි අග්‍රාමාත්‍යවරයා මල්වතු පාර්ශ්වයේ මහනායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහනාහිමියන් බැහැදුටුවා.

එහිදී මහනාහිමියන් විසින් අග්‍රාමාත්‍යවරයා වෙත යෝජිත ව්‍යවස්ථා සම්පාදන කාර්යය පිළිබද රජයේ අවධානය යොමු කරන යෝජනා කිහිපයක් ඉදිරිපත් කළ බවයි නෙත් නිවුස් වාර්තාකරු සඳහන් කළේ.