Friday, April 26, 2024

General line - 0115112241

නේත‍්‍රාභිවන්දනා මහා ධාතු නමස්කාරයට විවිධ ආගමිකයන්ගේ සහාය (UPDATE)




නේත‍්‍රාභිවන්දනා මහා ධාතු නමස්කාරයේ දී බුදුරජාණන් වහන්සේගේ සහ මහරහතන් වහන්සේගේ ධාතූන් වහන්සේ සියැසින් දැක, වැඳපුදා පිං රැස් කර ගැනීමට සැදැහැවතුන් බොහෝ පිරිස් මේ වනවිටත් පැමිණෙමින් සිටිනවා.

මෙම පිංකම පැවැත්වෙන්නේ බණ්ඩාරවෙල ශ‍්‍රී පුෂ්පාරාම විහාරස්ථානයේදීයි. සැදැහැවතුන්ට තේ පැන්වලින් සංග‍්‍රහ කිරීම සඳහා බණ්ඩාරවෙල මුස්ලිම් ප‍්‍රජාවද එක්ව සිටිනවා.

මෙවැනි අවස්ථාවක් උදාවීම තමන්ට ද සතුටට කරුණක් බවයි ඔවුන් නෙත් නිවුස් වෙත කියා සිටියේ.

(එම වීඩියෝව පහතින් දැක්වෙයි.)

බුදුරජාණන් වහන්සේගේ සහ මහරහතන් වහන්සේගේ ධාතූන් වහන්සේ වැඩිම සංඛ්‍යාවක් එකවර වැඳපුදා ගැනීම සඳහා ශ‍්‍රී ලාංකිකයින්ට ඇති අවස්ථාව ද නේත‍්‍රාභිවන්දනා මහා ධාතු නමස්කාරයයි.

ධාතූන් වහන්සේ වැඳපුදාගත් සැදැහැවතුන් උදා වූ මෙම අවස්ථාව පිළිබඳ අදහස් දැක්වූයේ දැඩි බුද්ධාලම්භන ප‍්‍රීතියකින්.

නේත‍්‍රාභිවන්දනා මහා ධාතු නමස්කාරයට පැමිණි සැදැහැවතුන් මේ වනවිටත් බණ්ඩාරවෙල ශ‍්‍රී පුෂ්පාරාම විහාරස්ථානයේ දිගු පෝලීම්වල රැඳී සිටිනවා.

ඒ, බුදුරජාණන් වහන්සේගේ සහ මහරහතන් වහන්සේගේ ධාතූන් වහන්සේ සියැසින් දැක වැඳපුදා ගැනීමට සිය අවස්ථාව උදාවන තෙක් දැඩි ඕනෑකමකින්.

15672747_10211744935605201_6772647147237299075_n 15697705_10211744935365195_6642279592444919212_n 15726337_10211744935645202_4086221135481943024_n 15726637_10211744936365220_5658475081465684796_n

 


බණ්ඩාරවෙල නියඟය අවසන් – ධාතු නමස්කාරයත් සමග වැසි ඇද හැලේ 

(Dec 27, 2016 @ 12:30)

නෙත් එෆ්.එම්. රේඩියෝව සංවිධාන කරන නේත‍්‍රාභිවන්දනා මහා ධාතු නමස්කාරය දෙවන දිනටත් බණ්ඩාරවෙල ශ‍්‍රී පුෂ්පාරාම විහාරස්ථානයේදී මේ වන විට පැවැත්වෙනවා.

අද දිනයේත් (27) අලුයම සිටම විශාල පිරිසක් පුෂ්පාරාම විහාරස්ථානයට පැමිණෙමින් සිටින බවත් , ධාතූන් වහන්සේ වැඳපුදා ගැනීමට විවිධ ප‍්‍රදේශවලින් පැමිණි සැදැහැවතුන් බැති සිතින් යුතුව පෙළගැසී සිටින බවත් නෙත් නිවුස් වාර්තාකරු පැවසුවා.

බණ්ඩාරවෙල ප්‍රදේශයට මාසයක පමණ සිට වැසි ලැබී නැහැ. ඉතාමත් වියළි කාළගුණයක් සහ ජලය ලබාගැනීමට පවා අපහසුකම් මැද සිටි බවයි ප්‍රදේශයේ ජනතාව පැවසුවේ.

නෙත් නිවුස් වෙත අදහස් දක්වමින් එම ප්‍රදේශයේ සැදැහැවතුන් කියා සිටියේ ධාතූන් වහන්සේ බණ්ඩාරවෙල ප්‍රදේශයට වැඩම කරවීමෙන් අනතුරුව වර්ෂාවද ලැබුණු බවයි.

ධාතූන් වහන්සේ වැඳපුදා ගැනීමෙන් පසු සැදැහැවතුන් නෙත් නිවුස් වෙත අදහස් දැක්වූයේ මෙලෙසයි.

එළඹෙන නව වසරේදී රටට සහ ජනතාවට සෙත් පතමින් නෙත් එෆ්.එම්. රේඩියෝව මෙම වැඩසටහන සංවිධාන කරනවා.

පහතින් දැක්වෙන්නේ ජනතාව වැසි නොතකා නේත‍්‍රාභිවන්දනා මහා ධාතු නමස්කාරය වැඳ පුදා ගැනීමට පෙළ ගැසී සිටින අයුරුයි.

img-20161227-wa0038 img-20161227-wa0039 img-20161227-wa0040 img-20161227-wa0041 img-20161227-wa0042 img-20161227-wa0043 img-20161227-wa0044 img-20161227-wa0045

—————————–

නේත‍්‍රාභිවන්දනාවට අදත් දිගු පෝලිම්

Dec 27, 2016 @ 11:15

නෙත් එෆ්.එම්. රේඩියෝව සංවිධාන කරන නේත‍්‍රාභිවන්දනා මහා ධාතු නමස්කාරය දෙවන දිනටත් බණ්ඩාරවෙල ශ‍්‍රී පුෂ්පාරාම විහාරස්ථානයේදී මේ වන විට පැවැත්වෙනවා.

ධාතූන් වහන්සේ වැඳපුදා ගැනීමට අද දිනයේ ද විශාල පිරිසක් පෝලිම්වල රැඳී සිටින බවයි එහි සිටින නෙත් නිවුස් වාර්තාකරුවන් පැවසුවේ.

 

15683538_10211733635442704_1750906809_n


මහා ධාතු නමස්කාරයේ දෙවන දිනය ඇරඹෙයි 

Dec 27, 2016 @ 08:35

නෙත් එෆ්.එම්. රේඩියෝව සංවිධාන කරන නේත‍්‍රාභිවන්දනා මහා ධාතු නමස්කාරයේ දෙවන දිනය වන අදයි.

උදෑසන පැවති කිරි ආහාර පූජාවෙන් අද දිනයේ වැඩ කටයුතු ආරම්භ කෙරුණා.

ඒ අනුව තවත් සුළු වේලාවකින් ධාතූන් වහන්සේ වැඳපුදා ගැනීමට සැදැහැවතුන්ට අවස්ථාව හිමිවනවා.
img-20161227-wa0000 img-20161227-wa0001 img-20161227-wa0002 img-20161227-wa0003 img-20161227-wa0004 img-20161227-wa0005 img-20161227-wa0006 img-20161227-wa0007 img-20161227-wa0008 img-20161227-wa0009 img-20161227-wa0010 img-20161227-wa0011 img-20161227-wa0012 img-20161227-wa0013 img-20161227-wa0014 img-20161227-wa0015 img-20161227-wa0016 img-20161227-wa0017 img-20161227-wa0018 img-20161227-wa0019 img-20161227-wa0020 img-20161227-wa0021 img-20161227-wa0022 img-20161227-wa0023 img-20161227-wa0024 img-20161227-wa0025 img-20161227-wa0026



බොදු සිත් සනසන නේත‍්‍රාභිවන්දනා අද දෙවන දිනටත්

Dec 27, 2016 @ 06:24

නෙත් එෆ්.එම්. රේඩියෝව සංවිධාන කරන නේත‍්‍රාභිවන්දනා මහා ධාතු නමස්කාරය දෙවන දිනටත් බණ්ඩාරවෙල ශ‍්‍රී පුෂ්පාරාම විහරස්ථානයේදී අද (27) පැවැත්වෙනවා.

ධාතූන් වහන්සේ වැඳපුදා ගැනීමට මහජනතාවට අවස්ථාව සැලසෙන්නේ උදෑසන 9.30 සිටයි. සුදු වතින් සැරසී ධාතූන් වහන්සේ වැඳපුදා ගැනීමට පැමිණෙන ලෙසයි බණ්ඩාරවෙල ශ‍්‍රී පුෂ්පාරාම විහාරාධිපති ඌව වෙල්ලස්ස දෙදිසාවේ උප ප‍්‍රධාන අධිකරණ සංඝනායක පූජ්‍ය පොල්ගම්පල ඉන්දානන්ද නාහිමියන් පැවසුවේ.

ඊයේ (26) මධ්‍යම රාත‍්‍රිය ආසන්න වනතුරුත් පැවති අධික සීතල ද නොතකා විශාල පිරිසක් ධාතූන් වහන්සේ වැඳපුදා ගත්තා.

ධාතූන් වහන්සේ වැඳපුදා ගැනීමෙන් පසු නෙත් නිවුස් වෙත සැදැහැවතුන් පිරිසක් දැක්වූ අදහස් පහතින් ඇසිය හැකියි.

ශ‍්‍රී සර්වඥ ධාතූන් වහන්සේ සහ මහරහතන් වහන්සේගේ ධාතූන් වහන්සේ වැඩිම ප‍්‍රමාණයක් එකවර වන්දනාමාන කර ගැනීමට මෙරට ජනතාවට හිමිවන එකම අවස්ථාව ද මෙයයි.

එළඹෙන නව වසරේදී රටට සහ ජනතාවට සෙත් ශාන්තිය ප‍්‍රාර්ථනා කරමින් නෙත් එෆ්.එම්. රේඩියෝව මෙම වැඩසටහන සංවිධාන කරනවා.