Saturday, April 27, 2024

General line - 0115112241

දින දෙකකට වඩා උණ නම් ඩෙංගු විය හැකියි




දින 2 ක් උණ රෝගය පවතී නම් එය ඩෙංගු විය හැකි බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය පාලිත මහීපාල මහතා පවසනවා.

ඒ නිසා එවැනි අවස්ථාවලදී ප‍්‍රමාද නොවී ප‍්‍රතිකාර සඳහා යොමුවන ලෙසයි ඔහු මහජනතාවගෙන් ඉල්ලා සිටියේ. ජාතික ඩෙංගු මර්දන තුන්දින වැඩසටහනක් ආරම්භ කරමින් අද (13) කෙරුණු අත්පත‍්‍රිකා බෙදාදීමකදී මෙම ඉල්ලීම සිදු කෙරුණා.

මෙම වසරේ මේ දක්වා කාලයේදී ඩෙංගු රෝගීන් විසි තුන්දහස් පන්සීය පස් දෙනෙකු (23505) හඳුනාගෙන ඇතැයි ද ඩෙංගු මරණ 40 ක් වාර්තා වී ඇතැයි ද මෙහිදී ප‍්‍රකාශ කෙරුණා.